
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නඩු කටයුතු අවසන් වු හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 99 ක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත දහන උදුනේදී මාරවිල මහෙස්ත්‍රාත් ගිහාන් බස්නායක මහතා ඉදිරියේ විනාශ කිරීම සිදුවිය.
මෙලෙස විනාශ කළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මගින් අත් අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වු මාරවිල අධිකරණය භාරයේ තිබු හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයකී.
අදාල මත්ද්‍රව්‍ය තොගය 25 දින මාරවිල මහෙස්ත්‍රාත් ගිහාන් බස්නායක මහතා ඉදිරීයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් භාරයට පත් කිරීමේන් පසු පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ ආරක්ෂාව යටතේ වනතාවිල්ලුව ලැක්ටෝ වත්ත දහන උදුන වෙත රැගෙන ඒම සිදුවිය.
එසේ රැගෙන ආ හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් හා රජයේ රස පරික්ෂක දෙපාර්තුමේන්තු, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, ඇතුළු නිළාධාරීන්ගේ දැඩි පරික්ෂාවෙන් පසු මහෙස්ත්‍රාත් ගිහාන් බස්නායක මහතා ඉදිරියේදී ලැක්ටෝ වත්ත අධි දහන උදුනේදි විනාශ කිරීමට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd